හිතවතියකට වැඩි පඩි ගෙවූ සිළුමිණ කර්තෘ ධර්මන්ගේ සේවය අත් හිටවයි.  

  • By editor
  • January 27, 2024
  • 0
  • 395 Views

වහාම ක්‍රියාත්මක වන පරිදි සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්නගේ සේවය අත්හිටුවීමට ලේක් හවුස් පාලන අධිකාරිය තීරණය කර ඇත.

මූල්‍ය අක්‍රමිකතා දෙකක් ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මේ වන විට ලේක්හවුස් මානව සම්පත් අංශය සේම රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවද, ලේක්හවුස් අභ්‍යන්තර විගණන අංශයද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කර්තෘවරයාගේ හිතවතියක බව කියන සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සුරේඛා නිල්මිණි ඉලංගකෝන් හට පමණක් රුපියල් දස දහසකින් වැටුප් වැඩිකිරීමට එරෙහිව කර්තෘ මණ්ඩලයේ සිව් දෙනෙකු හැර අනෙකුත් සියල්ලෝම දැඩි විරෝධය පාමින් ඒ පිළිබද ලේක්හවුස් සභාපතිවරයාට පැමිණිලි කර තිබේ.

උද්ගතවූ තත්වය හමුවේ ලේක්හවුස් පාලන අධිකාරිය ඔහුට දන්වා ඇත්තේ තාවකාලිකව කර්තෘධූරයෙන් ඉවත් වන ලෙසත්, පසුව කෙටි කාලයක් සඳහා උපදේශක කර්තෘවරයෙක් ලෙස පත්වීමක් දෙන බවත් ය.

එම උපදේශක කර්තෘධූරය වෙනුවට ඔහු වන්දි මුදලක් ඉල්ලා තිබෙන අතර එම මුදල නොලැබෙන්නේ නම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පවසා ඇති බව සදහන්ය.

බැසිල් රාජපක්ෂ හිතවාදියෙක් ලෙස ප්‍රකට ධර්මන් වික්‍රමරත්න මෙම ප්‍රශ්නය ඔහුටද දන්වා ඇති අතර එල්ලවී ඇති චෝදනා හමුවේ තමාට මේ මොහොතේ මේ සම්බන්ධයෙන් මැදිහත්විය නොහැකි බව බැසිල් රාජපක්ෂ දැනුම්දී තිබෙන බවද විශ්වාසදායක ආරංචිමාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *