හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීමේ සිද්ධියට තව ලොක්කෙක් අත්අඩංගුවට 

  • By editor
  • January 5, 2024
  • 0
  • 140 Views

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය H.B හේරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා, සහ කපිල වික්‍රමනායක ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදන, සැපයීම පිලිබද අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ ඒකකය ඇතුළු ඊට අනුබද්ධිත ආයතන සීල් තැබීමට ද කටයුතු කර තිබුණි.

මෙම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ද පැය තුනක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *