හිරුණිකා විරෝධතා වලදී පොලිසිය වැළදගන්නා හේතුව හෙළිවෙයි

  • By editor
  • October 26, 2023
  • 0
  • 181 Views

තමන් සහභාගී වන විරෝධතා වලදී පොලිස් නිලධාරීන් වැළදගනු ලබන්නේ යම් හෙයකින් පොලිස් නිලධාරීන් පහර දෙනු ලැබුවහොත් තමන් නියත වශයෙන්ම බිම වැටෙනු ඇති නිසා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කළාය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් සිදු වූ අර්බුදකාරී තත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළකළාය.

එහිදී ඇය සදහන් කරනු ලැබුවේ ඩයනා ගමගේ අමාත්‍යවරිය කාන්තා හිංසනය පිළිබඳ කතා කළ ද ඇයගේ එම වාග් ප්‍රහාරය හේතුවෙන් තවත් පාර්ශවයන් ද අපහසුතාවට පත් වූ බවය.

එසේම කාන්තාවකට කිසිවිටෙකත් පුරුෂයෙක් සමග ශාරිරිකව සටන් කළ නොහැකි බව ය. එසේම තමන් පෙනී සිටින්නේ හඩක් නොනගන කාන්තාවන් වෙනුවෙන් පමණක් බව ද ඇය වැඩිදුරටත් වාර්තා කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *