හිරේ ඉන්න කෙහෙළියගේ ගෙදරට තවමත් හමුදා ආරක්ෂාව.

  • By editor
  • March 5, 2024
  • 0
  • 110 Views

ඖෂධ ජාවාරමට සැක පිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවසට තවමත් යුද හමුදා ආරක්ෂාව ලබාදී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරයි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිධූරයට පත්වූ පසුව ඔහුට කොළඹ 7, විජේරාම මාවතේ නිල නිවස හිමිවී තිබේ. එම නිවසට යාබද නිවසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස පිහිටා ඇත.

අරගල සමයේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තැබීමෙන් පසුව ඔවුන් පදිංචිව සිටින නිල නිවාස සදහා හමුදා සෙබලු අනුයුක්ත කළ අතර රටේ ආරක්ෂක තත්වය යහපත් වීමෙන් පසුව එම භට පිරිස් ඉවත් කරගන්නා ලදී.

එනමුත් මහජනතාවගේ මුදල් අවභාවිතා කර ඖෂධ ජාවාරමක සැකකරුවකු වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාගේ නිවසට තවදුරටත් මහජනතාව විසින් නඩත්තු කරනු ලබන යුද හමුදා සෙබලුන් යොදවා ඇත්තේ ඇයි දැයි සිවිල් සංවිධාන ප්‍රශ්ණ කරති. එම නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දෙනු ලබන්නේ කැබිනට් ඇමැතිවරුන්ට පමණක් වන අතර ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වූ පසුද කෙහෙලිය රඹුක්වැල්ල එම නිල නිවස භාවිතා කරන්නේ කෙසේදැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *