හිස් අතින් කෝපා කමිටුවට ගිය ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ට කෝපා කමිටුවේ අප්‍රසාදය

  • By editor
  • September 9, 2023
  • 0
  • 78 Views

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් කිසිදු සූදානමකින් තොරව පැමිණීම පිළිබඳ එම කමිටුව දැඩි අප්‍රසාදය පළ කර තිබේ.
 
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවා තිබිණි.

මෙහි දී විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමසීමේ දී ඒ පිළිබඳ පිළිතුරු ලබාදීමට පැමිණි නිලධාරීන් අපොහොසත් වී ඇති අතර, විශේෂයෙන්ම රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසීමට කැඳවූ අවස්ථාවේ කිසිදු සූදානමකින් තොරව නිලධාරීන් කාරක සභාවට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව සභාපතිවරයා සඳහන් කර ඇත.

නිලධාරීන් ලබාදෙන පිළිතුරු අනුව ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික සැලසුමක් නොමැති බවත් රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කර නොමැති බවත් පැහැදිලි වන බව කෝපා කමිටු සාමාජිකයන් පෙන්වා දී ඇති අතර, මේ හේතුවෙන් රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කනගාටු දායක තත්ත්වයක් ඇති විය හැකි බව ද ඔවුන් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *