හෙට කරළියට එන රොෂාන් රණසිංහගේ අලුත් පක්ෂය

  • By editor
  • January 17, 2024
  • 0
  • 147 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නව පක්ෂයක් ආරම්භ කරන බව වාර්තා වේ.

ඒ අනුව “රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය” නමින් හෙට (18) දින පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී ආරම්භ කෙරේ.

තමන් විසින් හොරු ඇල්ලීමට උත්සාහ කිරීමේ දී අමාත්‍යධූරයෙන් නෙරපුවත් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් උපරිම ආකාරයෙන් කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මේ වනවිට රටට අවශ්‍ය වී ඇත්තේ 2048දී රට ගොඩනගන ආකාරය පිළිබඳ සැලසුම් නොවන බවත් අවශ්‍ය වන්නේ වත්මන් අර්බුදයෙන් ඉක්මනින් ගැලවීම බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *