හෙදියන්ගේ විශ්‍රාම වයස දිග් වෙයි.

  • By editor
  • April 4, 2023
  • 0
  • 113 Views

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය යටතේ ශ්‍රී ලංකා හෙද සේවයේ හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය
විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (04)
තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග කළහ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් යටතේ
ශ්‍රී ලංකා හෙද සේවයට අයත් විශේෂ ශ්‍රේණිය, ශ්‍රේණිය-01, සහ විධායක ශ්‍රේණියට අයත් හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවයි. තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරත වීමට හැකියාව පවතින බවත් එම පෙත්සමෙන් වලින් පෙන්වා දී තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ අතර
එම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් විය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා නීතිපති ඇතුළු 24 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *