පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරාගෙන එහි තිබූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන පුද්ගලික බැංකුවකින් ණය මුදලක් වංචනික ලෙස ලබාගත් එම රෝහලේම හෙදියක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය කියයි.
ඉකුත් අගෝස්තු මස 16 වනදා පැමිණිලිකාර හෙදියගේ මුදල් පසුම්බිය දැඩි සත්කාර ඒකකයේ තිබියදී හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සමග අස්ථානගත වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් ඇය දැඩිසත්කාර ඒකකය තුළ සොයාබලා අනතුරුව පානදුර දකුණු පොලීසියට පැමිණිල්ලක්ද කර තිබූ බව පොලීසිය කියයි.
පැමිණිලිකාර හෙදියගේ ලිපිනයට මීට දින දෙකකට පමණ ඉහතදී පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් “ඔබ ලබාගත් ණය මුදලේ වාරික මුදල් නිසි අයුරින් ගෙවා නොමැති බවත් එය ගෙවන ලෙස,” සිහි කැඳවන ලිපියක් ලැබීමත් සමගම එම ලිපිය රැගෙන ඇය බැංකුව වෙත ගොස් තොරතුරු සොයා බැලීමේදී ඇයගේ නමින් ණය මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් හෙදිය පොලීසියට කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.