කොළඹ දිසා අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් ලබාදුන් වාරණ නියෝගය ඊයේ ඉවත් කර තිබේ.
අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් කළ ඉල්ලීම ඉවතට දමමින් මෙම නියෝගය නිකුත් කර තිබිණි.
විගණකාධිපතිවරයාගේ වාර්තාවක් පදනම් කර ගනිමින් හේෂා විතානගේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පිළිබඳ ද්වේෂ සහගත සහ අවමන් සහගත ප්‍රකාශ කිදු කරනවා යැයි පවසමින් මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.