හොර චීන්නු 39 ක් අත්අඩංගුවට

  • By editor
  • April 2, 2023
  • 0
  • 161 Views

අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල පුද්ගලයන්ගේ ගිණුම් වලින් වංචනික ලෙස කෝටි ගණනක මුදල් ලබාගෙන වංචා කලැයි කියන සිද්ධියට අදාලව මෙරට රැදී සිටි චීන ජාතිකයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තානාපති කාර්යාල හරහා ලැබුණ පැමිණිලි මත අලුත්ගම පොලිසිය මගින් මෙම සැකකරුවන් පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම චීන ජාතිකයින් සතුව තිබී ස්මාර්ට් ජංගම දුරකථන රැසක් සහ පරිගණක යන්ත්‍ර කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට භාෂා පරිවර්තකයින් සොයාගැනීමට නොහැකිව පොලිසිය මහත් අපහසුතාවයට පත්ව අති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *