ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් මත්පැන් සමාගමක නමින් දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් දොම්පේ පොලිසිය විසින් වටලා ඇත.
එහිදී සැකකරුවන් 12 දෙනෙකු සහ රෝයල් ඩිසටලරීස් මත්පැන් වලට සමාන ලෙස නිෂ්පාදනය කරන ලද නීතිවිරෝධී මත්පැන් බෝතල් 6000ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දොම්පේ පොලිසියට ලද තොරතුරක් මත මෙම මත්පැන් නිෂ්පාදනාගාරය වැටලීමකට ලක්කර ඇති අතර එහිදී බෙදාහැරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සහ ඒ සදහා උපයෝගී කරගත් උපකරණ තොගයක් සහ ලොරි රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
කෙසෙවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ මේ පිළිබඳ විමර්ශනයක් පවත්වා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවය.


