ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස පත්වීම් ලැබූ පුද්ගලයෙක් පිළිබඳ වාර්තා වේ.
අදාළ නිලධාරියා වසර 12 ක කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර තිබේ. වසර 10කට පසු පළමුවරට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.
ඔහු අවස්ථා කිහිපයකදී වැඩ තහනමකට ලක්ව ඇති බවත් එම කාලය තුළදී ඔහුට වැටුප් සහ දීමනා ද ගෙවා ඇති බවත් කෝප් කමිටුවේදී හෙළි වී තිබේ.