ෆයිල් 400 ක් හිර කර පිළිකා ඖෂධ 70 ක් මිලට ගන්නා S.P.C. ජාවාරම හෙළිවේ.

  • By editor
  • September 14, 2023
  • 0
  • 139 Views

2023 වර්ශය සදහා සාමාන්‍ය මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට නියමිත ඖෂධ වර්ග 400ක් මෙතෙක් ඇනවුම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම ඖෂධ ඇනවුම් කිරීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කළ යුතු වේ. එහෙත් එම ඖෂධ ඇනවුම් නොකර හදිසි මිලදීගැනීම් යටතේ පිළිකා ඖෂධ වර්ග 70ක් කඩිනමින් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව වෘත්තීය සමිති පවසයි.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මිලදීගැනීමට යෝජිත ඖෂධ අතර මෙම පිළිකා ඖෂධ හැත්තෑවද තිබෙන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම විධිමත් කරන ලෙසට කැබිනට් මණ්ඩලය ලබාදුන් නියෝගය කඩ කරමින් මෙලෙස හදිසි මිලදී ගැනීම් සිදුකිරීමට සැලසුම් කර ඇත.

ඖෂධ මිලදී ගැනීමේදී ටෙන්ඩර මණ්ඩලයක් පත්කර අවශ්‍ය ඖෂධ නිසි පරිදි මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයද තීන්දු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ඇතුළු බලධාරීන් මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේද ඖෂධ මිලදී ගැනීම නිසි පරිදි සිදු නොවන බවට චෝදනා එල්ලවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *