ෆිල්ඩ් මාෂල් නිසා ස.ජ.ගේ අභ්‍යන්තර කැරැල්ලක්

  • By editor
  • November 3, 2023
  • 0
  • 207 Views

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බරතල ලෙස  ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා එම පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ඇතිව තිබෙනා බව ‘සතියට’ වාර්තාවේ. එම තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ජ්‍යේෂ්ටයන් කළ සියළු උත්සහයන් මේ වන විට අසාර්ථක වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සජිත් ප්‍රේමදාස දිගින් දිගටම දේශපාලනිකව වැරදි තීන්දු ගන්නා බවත්, සජිත් සමග පක්ෂයට ඉදිරියට යාමට නොහැකි බවත් මෙහිදී සරත් ෆොන්සේකා දැනුම්දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැතිධූරය භාරගන්නා ලෙසට ආරාධනා කළ අවස්ථාවේදී, අගමැතිධූරය භාර නොගැනීම බරපතල වරදක් බවත්, ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා පැවති ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම තෝරා ගැනීම වරදක් බවත් සරත් ෆොන්සේකා පවසා ඇත. ඩලස් අලහප්පෙරුම යම් ආකාරයකින් රටේ ජනාධිපතිවරයා බවට පත්වූයේ නම්, ඔහුට රනිල් වික්‍රමසිංහට මෙන් රට පාලනය කරගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බවද ඔහු සදහන් කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *