ෆේස් බුක් එකට නඩු – හේතුව මෙන්න

  • By editor
  • July 26, 2023
  • 0
  • 84 Views

පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසට නියම වී තිබේ.

මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීම එම චෝදනාවයි.

මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *