13 ගැන ජනපති කියූ දේ

  • By editor
  • August 9, 2023
  • 0
  • 123 Views

13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාව කොටසක් බැවින් එය මගහැර යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.

රටේ සුබසිද්ධිය තකා එය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවත් ඊට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවත් පැවසීය.

13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් රටට ගැළපෙන පරිදි ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවක් බවත් පැවසූ ජනපති පෙන්වා දුන්නේය.

එසේම ලොව රටවල් ගණනාවකට එය ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී ඇති බවත් එනිසා එම සංශෝධනය අහෝසි කිරීමට කිරීමක් සිදු කල නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම සංශෝධනය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධන තුනක් ලෙස තමන් විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *