2030 වසර වන විට වෛද්‍ය පීඨ වලට තේරී පත්වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73 % ක් ගැහැණු ළමුන් බවට අනුමාන කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ හිටපු ප්‍රධානී,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිය හා නිපුණතා අංශයේ අධ්‍යක්ෂ,දන්ත වෛද්‍ය පීඨයේ මූලාසන මහාචාර්ය දිලීප් ද සිල්වා සදහන් කර තිබේ.
මෙරට විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ වලට පසුගිය වසර 30 ක කාලයේ දී ඇතුළු වූ ශිෂ්‍ය සංඛ්‍යාවට අදාළ වාර්ෂික දත්ත විශ්ලේෂණය කිරීමේ දී මේ බව අනාවරණය වී ඇත.
වර්ෂ 1990 සිට 2022 වසර දක්වා මෙරට විශ්වවිද්‍යාලයන් හි වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකීමේ දී වාර්ෂිකව පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමුන් ගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව ද හෙතෙම පැවසීය.
පිරිමි ළමුන් අධ්‍යාපනයට දක්වන උනන්දුව ක්‍රමිකව අඩුවන තත්ත්වයක් මේ අනුව පෙනී යන බව ද ඒ මහතා සඳහන් කළේය.