25 වනදා උතුරු නැගෙනහිර හර්තාල්

  • By editor
  • April 19, 2023
  • 0
  • 199 Views

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ලබන 25 වනදා දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් උතුරු – නැඟෙනහිර පළාත්වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්, උතුරු- නැඟෙනහිර පළාත්වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්වවලට ලබාදීම, ආගමික ස්ථාන පිළිබඳව ගැටලුව, පුරාවිද්‍යා නටබුන් ලෙස  සලකා දෙමළ ජාතිකයන්ගේ ඉඩම් කොල්ලකෑම ඇතුළු හේතූන් කිහිපයකට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවට වාර්තා වේ.

හර්තාලයක් ක්‍රියාත්මක වන දිනයේදී උතුරු නැගෙනහිර සියලුම වෙළෙඳසල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වා ගෙන යෑම අත්හිටුවන ලෙසත් ඉල්ලා ඇති සංවිධායකයන් ඒ සදහා රජයේ සේවකයන්ද සහාය ලබා දිය යුතු බව දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *