හොරණින් එළියට ආ ප්‍රතිජීවක ඖෂධ ඉවතට

  • By editor
  • August 24, 2023
  • 0
  • 115 Views

ඇමොක්සික්ලෙව් නම් ප්‍රතිජීවක ඖෂධය තවත් කාණ්ඩ තුනක් තත්ත්වයෙන් බාල බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය සියලුම රෝහල්වලට දැනුම් දී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

මෙම ප්‍රතිජීවක ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ බහුල වශයෙන් භාවිතා කරන අතර වැඩි වශයෙන්ම ළමා රෝග ආසාදනවලදී පළමු පෙළ ඖෂධයක් ලෙස දැනට භාවිතා වන්නක් බව ද හෙතෙම පෙන්වා දේ.

ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ සමාගමක් මගින් නිෂ්පාදනය කරන මෙම ප්‍රතිජීවක ඖෂධය තත්ත්වයෙන් බාල බව තහවුරු වීම නිසා මීට පෙරද භාවිතයෙන් ඉවත් කළ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අදාළ ඖෂධය සම්බන්ධව පර්යේෂණ වාර්තාවක් කර මීට පෙර ඉල්ලා සිටියද මේ දක්වා එය තවමත් ලැබී නැතත් තත්ත්වයෙන් බාල බව මෙරට තුළ දී තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කළ බව වෛද්‍ය සැපයුම් ඒකකය නිල වශයෙන් පිළිගෙන ඇත.

ඊට අදාළ ලිපි කිහිපයක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *