වාර්ෂික පාසැල් ක්‍රිකට් තරගවලට අදාළව සංවිධානය කෙරෙන රථ පෙලපාලි සදහා සීමා පැනවීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමු කර තිබේ.
ඊයේ බදුල්ලේ පැවති පාසැල් ක්‍රිකට් තරගාවලියක් අතරතුර දී පැවති රථ පෙලපාලියේ දී සිදු වූ අනතුරෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිසුන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියට අදාලව මෙම තීරණය ගෙන තිබේ.
එම සිසුන් පිරිස රථ පෙලපාලිය ආරම්භ කරමින් බදුල්ල නගරයට පැමිණි අවස්ථාවේ දී පොලිසිය ඔවුන් හරවා යැවීමට කටයුතු කල ද හිස් ඉඩමක අනාරක්ෂිතව මෙම රථ පෙලපාලිය පවත්වා තිබේ.