C.D ගේ සේවා දිගුව අනුමත නෑ – පොලිස්පති පුටුව ගන්න පොලිස් ලොක්කෝ විවිධ පුද පූජා වල

  • By editor
  • October 18, 2023
  • 0
  • 141 Views

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවය තවදුරටත් දීර්ඝ කිරීම අනුමත නොකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ වයස අවුරුදු හැටට වැඩි රජයේ නිලධාරීන්ට සේවා දිගු ලබානොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය බවය.

ඊයේ දහවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර අගමැති දිනේශ ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ සිවිල් නියෝජිතයින් සහභාගිවී ඇති නමුත් ඒ සදහා ජනාධිපතිවරයාගේ නියෝජිත නිමල් සිරිපාල ද සිල්වා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි බැවින් සහභාගිවී නොතිබිණ.

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්නට දෙවැනි වරට ලබා දී තිබු මාස 3ක කාලය ඔක්තෝම්බර් 09 දා අවසන් වූ අතර යළි ඔහුට ඔක්තෝම්බර් 13 සිට ක්‍රියාත්මක වන පරිදි සති 3 ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.

කෙසෙවෙතත් මේවනවිට ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍ය ටිරාන් අලස් ද විදේශගත සිටින අතර ඔවුන් දෙදෙනා යලි පැමිණි පසු පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙන බව ද වාර්තා වේ.

මේ අතරතුර පොලිස්පති ධුරය බලාපොරොත්තුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීප දෙනෙකුම විශේෂ ආගමික වතාවත් වල මෙන්ම පුද පූජා වල ද නිරත වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *