C.D ට තව දවස් දෙකයි – නව තනතුරට කෙනෙක් නෑ

  • By editor
  • October 30, 2023
  • 0
  • 135 Views

සී.ඩී. වික‍්‍රමරත්න මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට ලබාදී ඇති සති තුනක සේවා දිගුව එළඹෙන දෙවනදායින් අවසන් වන නමුත් තවමත් නව පොලිස්පති වරයකු සඳහා නමක් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර නැති බව වාර්තා වෙයි.

සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු තුනක් ලබාදී ඇති අතර තුන්වන සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබීම මත ජනාධිපතිවරයා විසින් එය ලබා දී ඇත.

එම තත්ත්වය මත පොලිස් දෙපාර්තමේන්තුව පරිපාලනය ගැටලු මතුව තිබෙන බව පසුගිය දා කතාබහට ලක්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *