C.D ට තව දින තුනයි – පොලිස්පති පුටුව රත් වෙයි

  • By editor
  • September 21, 2023
  • 0
  • 221 Views

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ ධුර කාලය එළැඹෙන සැප්තැම්බර් 26 වන දා අවසන්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

මේ වනවිට ඔහු මාස 3 ක සේවා දිගුවක් මත රාජකාරියේ සිටියි.

නව පොලිස්පත්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වෙයි.

මේ වනවිට මීලග පොලිස්පති ධුරය සඳහා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් මතුවී ඇති අතර ඒ හරහා පොලිසිය කණ්ඩායම් බිහිවී තිබෙන බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *