පොලිස්පතිවරයා ලෙස C.D වික්‍රමරත්නට තවත් මාස 06ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.
ඒ අනුව ඊට අදාල පත්වීම් ලිපිය හෙට දින (04) C. D වික්‍රමරත්න මහතාට ලබාදීමට නියමිතය.
පසුගිය 26වනදා වික්‍රමරත්න මහතා විශ්‍රාම ලබාගැනීමෙන් පසුව සතියක කාලයක් මෙරට පොලිස්පතිවරයෙක් නොමැතිව වූ අතර ඒ වෙනුවෙන් පාලන කටයුතු සිදුකරනු ලැබුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන විසිනි.
හිටපු පොලිස්පති C.D වික්‍රමරත්න 26 වන දිනම ඔහුගේ පෞද්ගලික බඩු බාහිරාදිය රැගෙන සේවයෙන් ඉවත් වූ නමුදු ඔහුගේ සේවය අගය කරමින් සම්ප්‍රදායික ආචාර පෙළපාලියක් මේ දක්වා පැවැත්වුයේ නැත.
කෙසේවෙතත් ජනාධිපතිවරයා නුවරඑළියේ සංචාරයක නිරතව සිටි අවස්ථාවක ඔහු විසින් මෙම පත්වීම සිදුකිරීමට තීරණය ගෙන තිබේ.
එසේම පසුගිය දින කිහිපයේ C.D වික්‍රමරත්න මහතා ද නුවරඑළියේ සංචාරයක නිරතව සිට ඇත.