CD ට හතර වැනි වතාවටත් සේවා දිගුවක්

  • By editor
  • November 3, 2023
  • 0
  • 99 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සීඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා තවත් සේවා දිගුවක් ලබා දී ඇත.

ඒ අනුව මෙම සේවා දිගුව ලබා දී ඇත්තේ සිවුවන වතාවට ය.

මාස තුන බැගින් සේවා දිගු දෙකක් හා සති තුනක සේවා දිගුවක් මීට පෙර ඒ මහතාට ලබා දී තිබිණි.

ඔහුගේ අවසන් සේවා දිගුව ඊයේ දිනයෙන් අවසන් විය.

ඔහුට අවසන් වරට ලබාදුන් සති තුනක සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබුණු අතර ජනාධිපතිවරයාගේ බලතල අනුව සේවා දිගුව ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *