මහ බැංකු අධිපතිගේ නිල කාලය අවසන්. සේවය දීර්ඝ කරනවාද නැද්ද රනිල් අතේ

0
90

මෙම මස 30 වැනිදායින් වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ නිල කාලය අවසන් වීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කිරීම හෝ දැනට සිටිනා මහ බැංකු අධිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීම කළ යුතුව ඇත.

කෙසේ මහ බැංකුවට නව අධිපතිවරයකු මහ බැංකුවට පත්කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයාට ලැබිය යුතුව ඇත. එහෙත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය මහ බැංකු අධිපති නන්ද ලාල් විරසිංහ පිළිබඳ එතරම් ප්‍රසාදයකින් නොසිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මහ බැංකු අධිපතිවරයකුගේ නිල කාලය වසර හයක් වන අතර වත්මන් අධිපතිවරයා ගත කරමින් සිටින්නේ 2016 වසරේදී මහ බැංකු අධිපති ලෙස පත්කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ නිල කාලයේ අවසන් මාසයය.

කුමාරස්වාමි මහතා සිය නිල කාලය අවසන් නොකර ධුරයෙන් ඉල්ලා අස්වීය. ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් යන දෙදෙනා මහ බැංකු අධිපතිවරුන් ලෙස කටයුතු කළේද කුමාරස්වාමි මහතාගේ නිළ කාලයේ ඉතිරි කොටසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here