CID ය කෙහෙළියගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරයි 

  • By editor
  • December 20, 2023
  • 0
  • 105 Views

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද‍්‍රගුප්ත මහතා පසුගිය දා මාළිගාකන්ද අධිකරණයට සදහන් කළේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත අදාළ එන්නත් ආනයනය කළ බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයීම් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ නිල කාමරයද ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස සෝදිසි කිරීමට ලක් කල බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *