තමන්ගේම නිවසට වෙඩිතබා ගැනීමේ සිද්ධියකට අදාලව මෙරට ප්‍රධානතම පාවහන් නිෂ්පාදන සමාගම් DSI ආයතනයේ අධ්‍යක්ෂකවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 22 වැනි දා බොරැල්ල හරස් පාරේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි තැබීමක් සිදු වූ බවට පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ සම්බන්ධයෙන් පසුව සිදුකළ පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඔහු විසින් මුදල් ගෙවා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පලාගිය හමුදා සෙබළකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ පවුලේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ආරවුලක් පවතින වටපිටාවක මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.