Dunhill සිගරට් තහනම් කෙරේ

  • By editor
  • November 21, 2023
  • 0
  • 76 Views

ලංකා දුම්කොළ සමාගම විසින් බෙදාහරිනු ලබන සිගරට් වර්ග තුනක අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.

ඒ අනුව Dunhill Switch, Dunhill Double Capsule සහ John Player Gold Pro Cool යන සන්නාමයන්ගෙන් එන සිගරට් වර්ගවල අලෙවිය නවතා දැමීමට කටයුතු කර ඇත.

2023 නොවැම්බර් 17 දින සිට මෙම පියවර ගෙන ඇත.

වහාම මෙම සිගරට් වර්ග අලෙවිය නවතන ලෙසත්, වෙළෙඳසැල්වල පාරිභෝගිකයන් හට ප්‍රදර්ශනය වන ආකාරයෙන් මෙම සිගරට් පැකට් තබා ඇත්නම් ඒවා ඉවත් කරන ලෙසත් ලංකා දුම්කොළ සමාගම සිය සිල්ලර අලෙවිකරුවන් වෙත දැනුම් දී තිබේ.

මීට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේ ගොණුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *