ඉදිරියේ දී ඉන්දියාවේ නව දිල්ලියෙහි පැවැත්වීමට නියමිත G-20 සමුළුව සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් වන අතර නගරයේ විවිධ ස්ථානවල කළු වඳුරන්ගේ පින්තූර සවි කර තිබීම විශේෂත්වයකි.
දිල්ලියේ රිළවුන් ගහණය හේතුවෙන් G-20 සඳහා පැමිණෙන විදෙස් අමුත්තන්ට කිසියම් හානියක් නොවනු පිණිස රිළවුන් එම අමුත්තන් ගැවසෙන ප්‍රදේශ වෙතින් ඉවත් කිරීමට මෙම වඳුරු රූප සවි කර ඇති බව වාර්තා වේ. ඊට හේතුව වන්නේ වඩා විශාල වඳුරන්ට බියෙන් රිළවුන් එම ප්‍රදේශ කරා නොපැමිණීමයි.
රටවල් 40 ක පමණ සහ වෙනත් සංවිධානවල දූත පිරිස් දිල්ලියට පැමිණීමට නියමිතය.