GMOA මාධ්‍ය සාකච්ඡාවන් සහ NMRA සභාපතිගෙ මාධ්‍ය නිවේදනය නිසා සෞඛ්‍ය අමාත්‍යංශය කණපිට හැරෙයි ද?

  • By editor
  • September 1, 2023
  • 0
  • 51 Views

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කාරක සභික සමාජිකයන් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවන් පවත්වමින් දිවයින පුරා තත්ත්වයෙන් බාල ඖෂධ නිසා සැලකිය මරණ ප්‍රමාණයක් සිදු වී ඇති බවත් එම තොරතුරු ජනමාධ්‍ය සහ ජනතාව ගෙන් වසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බවට සඳහන් කළ ප්‍රකාශය බරපතල බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වයි එහි සත්‍ය අසත්‍යතාව රටට හෙළි කළ යුතු බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව ජනාධිපති වරයාගේන් ඉල්ලා සිටි.

මෙම මාධ්‍ය සාකච්ඡාවටන්ට අනුව පසුගිය කාලයේ රෝහල් පද්ධතිය තුළ ඹෘෂධ භාවිතා වන නිසා මරණ සිදු වී ඇත්නම් එය ට වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යවරයා ද එම තොරතුරු වසන් කළ නිලධාරීන්ද තනතුරු වලින් ඉවත් කොට නීතිය හමුවට පමුණුවන ලෙස ඔහු ඉල්ලා සිටියි.

එසේම ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස් ඩී ජයරත්න මහතා NMRA/ AD/CH/PR අංක දරන 09.08.2023 මාධ්‍ය නිවේදනයට අනුව පසුගිය කාලයේ දී සංඛ්‍යා මාත්‍යාංශය මගින් ගෙන්වා රෝහල්වලට බෙදා දෙන ලද predniisilone, Propolol, Bipuvacaine, Co Amoxyclave,. සහ Ceftriaxone කාණ්ඩයේ ඖෂධ නිසා ආසාත්මිකතාවයන් දැඩි ආසාත්මිකතාවයන් සංකූලතාවයන් සහ මරණ සිදු වී ඇති බව පිළිගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට අනුව එම ඖෂධ සංකූලතා හෝ මරණ ඇති වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණවලදී රසායනාගාර පරීක්ෂණවලින් අසමත් වී ඇති බවත් ,ජීවානුහරණ පරීක්ෂණවලින් අසමත් ඇති බවත්, ඇමෙරිකානු ජාතික ප්‍රමිති තත්ත්වයන් ගෙන් ද අසමත් වී ඇති බවත් පිළිගෙන තිබීම ඉතා පර පතල තත්ත්වයක් බව වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.

ලෝකයේ තත්ත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය කොට බෙදා හරින සහ භාවිතා කරන දකුණු අප්‍රිකානු ලතින් ඇමරිකානු වැනි රටවල් වල තත්ත්වයට ශ්‍රී ලංකාව මේ සමග පත්වන බවත් මෙය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය බරපතළ ලෙස හෑල්ලුවට ලක් කරන සිදුවීමක් වන බැවින් එම ප්‍රකාශය සත්‍ය වන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා හෝ ප්‍රමාද නොවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් එම නිවේදනය අසත්‍ය නිවේදනයක් වන්නේ නම් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වරයා විධායක සභාව වහා ම ඉවත් කොට අපේ රටේ කීර්තිනාමය විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *