ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අළුයම ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 ගුවන් යානයකින් මෙරටින් පිටව ගොස් තිබේ.
අද අළුයම තුනට පමණ කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්වූ ජනාධිපතිවරයා මාලදිවයිනේ මාලේ නගරය බලා පිටත්ව ගොස් ඇත.
ජනාධිපතිවරයා පිටත්ව ගොස් ඇත්තේ ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ සහ තවත් එක් ආරක්ෂක නිලධාරියෙක් සමග බව ඒ.එෆ්.පී. පුවත් සේවය අනාවරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ පසුගිය දින කිහිපය තුළ රහසිගත ස්ථානවල සැගවී සිටි අතර අද උදෑසන මෙසේ රටින් පිටව ගොස් තිබේ.
මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට ගුවන්තොටුපොලේදී එල්ලවූ විරෝධතා හමුවේ නැවත හැරී පැමිණීමට සිදුව තිබුණි. නැවත ඔහු මෙතෙකේ නැවත විදේශ ගතවීමට උත්සාහ කළ බවක් අනාවරණය වන්නේ නැත.

