Grand Monarch සුපිරි හෝටලයේ විදුලි සෝපානය කඩා වැටේ

  • By editor
  • August 4, 2023
  • 0
  • 369 Views

තලවතුගොඩ Grand Monarch හෝටලයේ විදුලි සෝපානය හදිසියේ අක්‍රිය වීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් පිරිසක් ජීවිත අවදානමකට ලක්ව තිබේ.

මේ පිළිබඳ ජාතික පුවත්පතක ද සදහන් කර ඇත්තේ මෙම සිදුවීමෙන් පුද්ගලයන් දස දෙනෙක් පමණ මහත් අසීරුතාවයන්ට පත්ව ඇති අතර ඔවුන් එහිදී තම ජීවිත බේරාදෙන ලෙස ඉල්ලා හඩා වැටී ඇති බවය.

ඒ අනුව එහි නිලධාරීන් පිරිසක් එය සකස් කිරීමට යාමේ දී විදුලි සෝපානය කඩා වැටී තිබේ. කෙසෙවෙතත් කිසිවෙකුටවත් ජිවීත හානියක් නොවුණත් එහි මගීන් සදහන් කර ඇත්තේ එම සෝපානය නඩත්තු කර නොමැති නිසා මෙම සිදුවීම වූ බවය.

නමුත් කාර්ය මණ්ඩලය සදහන් කර ඇත්තේ එම විදුලි සෝපානයේ වැඩි පිරිසක් ගමන් ගැනීම නිසා මෙය සිදු වූ බවය. කෙසේනමුත් පිරිස වැඩි වූ විට නැගෙන සීනුව ද නාද වූයේ නැති බව මගීන් තරයේ සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *