GSP+ සහනය දීර්ඝ කෙරේ

  • By editor
  • July 20, 2023
  • 0
  • 58 Views

මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය 2027 වසර දක්වා දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

නව GSP ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරු බදු සහන ප්‍රවේශය මේ නිසා අහිමි නොවන බව යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

පසුගිය වසරේ පමණක් යුරෝ බිලියන 3.2 ක අපනයන ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට සිදු කර තිබෙන බවත් මෙරට විශාලතම වෙළඳ හවුල්කරුවන් ලෙස යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ජී.එස්.පී ප්ලස් සහනයේ ඇති වැදගත්කම හොඳින් වටහාගෙන ඇති බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.

කෙසෙවෙතත් ජී.එස්.පී ප්ලස් සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවත් පවතින ජී.එස්.පී ප්ලස් සහනයේ විධි විධානයන් කිසිවක් වෙනස් නොවන බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *