පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි. දේශබන්ධුටත් ස්ථාන මාරුවක්

0
2217

වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිපති සී.ඩී වික්‍රමරත්න අනිවාර්ය නිවාඩු යවීමට රජය තීරණය කර තිබේ.
එම ධූරයේ වැඩ බැලීම සඳහා පොලිස් මූලස්ථානයේ පාලන අංශය බාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පත් කර තිබේ.

එමන්ම බස්නාහිර පළාතබාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමටත්, එම ධූරය සඳහා ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමටත් නියමිත බව වාර්තාවේ.

පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවීමට සහ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හට ස්ථාන මාරුවක් ලබා දීමට හේතුව පසුගිය 9 වෙනිදා ඝෝඨාගෝ ගම සාමකාමී අරගලයට එල්ල කළ ප්‍රහාරය මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here