industry 2023 නිල වශයෙන් ආරම්භ වේ

  • By editor
  • May 7, 2023
  • 0
  • 74 Views

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල industry 2023 නිල වශයෙන් දියත් කෙරේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලංකා කාර්මික සංවර්ධනය මණ්ඩලය මෙවර පැවැත්වීමට නියමිත industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල නිල වශයෙන් දියත් කිරීම ඉකුත් 27 වනදා බත්තරමුල්ල වෝටර්ස් ඒ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති අතර industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමේ වැදගත්කම ද මෙහිදී අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

එළඹෙන ජූනි මස 22,23, 24 සහ 25 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල පැවැත්වීමට නියමිත වේ.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද විදේශීය තානාපතිවරු මෙරට ප්‍රමුඛ කර්මාන්ත විවසායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *