IPL මැද කෝලි සහ ගාම්භීර් ගැටෙයි

  • By editor
  • May 2, 2023
  • 0
  • 75 Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තියුණු තරගයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ඊයේ (01) රාත්‍රියේ ලක්නව් හී භාරත් රත්න ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

මෙම තරගය ලකුණු 18කින් ජයගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළට හැකියාව ලැබුණු අතර බැංගලෝර් පිළ මෙම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිටිය තුළදී බැංගලෝර් සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ ලක්නව් පිළේ උපදේශ ලෙස කටයුතු කරන ගෞතම් ගාම්භීර් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මේ වනවිට එම සිදුවීම බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව ඇති අතර, දෙදෙනා අතර ඇති වූ මෙම උණුසුම් තත්ත්වය සමථයකට පත් කිරීමට දෙපිළේම ක්‍රීඩකයින්ට මැදිහත් වීමට ද සිදු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *