IUSL විශ්වවිද්‍යාලය මගින් මාතරට ආධාර

  • By editor
  • August 20, 2023
  • 0
  • 350 Views

ලබන අගහරුවාදා (22) ආරම්භ වීමට නියමිත IUSL විශ්වවිද්‍යාලයීය නිලධාරීන් මණ්ඩලය අද දින මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, අකුරැස්ස දිළිදු පවුල් උදෙසා ආහාර මලු බෙදාදීම සිදුකරන ලදී.

ඒ අනුව තෝරාගත් දිළිදු පවුල් 100ක ට අධික පවුල් උදෙසා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් ආහාර මලු මෙලෙස බෙදා දී තිබුණි.

එමෙන්ම කනංකේ රජමහා විහාරයේ අලුත්වැඩියා කටයුතු උදෙසා අවශ්‍ය කරන ටයිල් කැට ලබාදීම ද මෙහිදී සිදුවිණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා ජාතයන්තර විශ්වවිද්‍යාලයක අවශ්‍යතාව සපුරාලමින් මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබේ. මේ හරහා ලොව පිළිගත් විශ්වවිද්‍යාලයීය පාඨමාලා රැසක් හදුන්වා දෙනුලබන අතර මෙහි උපාධිය සාර්ථකව අවසන් කරන සිසුන්ට බටහිර රටවල ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල විසින් පිරිනමන පිළිගත් සහතිකයක් පිරිනමනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *