LPL තියන්න අවසර නෑ – ඇමතිට යකා නගී

  • By editor
  • July 31, 2023
  • 0
  • 259 Views

මීට මාස කිහිපයකට පෙර දැනුම් දුන්නත් ක්‍රීඩා පනතට අනුව LPL තරඟාවලිය සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරයි.

ක්‍රීඩා පනතට අනුව ශ්‍රී ලංකාවේ පවත්වන ඕනෑම ක්‍රීඩා තරඟාවලියක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවත් ඒ මහතා පැවසීය.

එලෙස අනුමැතිය ගෙන කටයුතු කරන ලෙසට අදාල අංශ වෙත දැනුම් දුන්නද මෙතෙක් එලෙස අවසරයක් ගෙන නොමැති බව ද හෙතෙම හෙළි කළේය.

ඒ හේතුවෙන් තමන් මෙම තරඟාවලිය ආරම්භය සඳහා ආරාධනා ලැබුවත් එහි නොගිය බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *