NVQ පාඨමාලා 81ක් අත්හිටුවයි

  • By editor
  • August 6, 2023
  • 0
  • 72 Views

ගුණාත්මක නොවන NVQ පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 81 අත්හිටුවීමට පියවර ගෙන ඇත.

තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමට පත්කළ කෝප් අනුකමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිවිය.

පුවත්පත් දැන්වීම් හරහා එම ආයතන මුද්‍රා තැබීමට අදාළව ගත් නෛතික පියවර ගෙන දැනුම්දීමේ අවශ්‍යතාව ද එහිදි කෝප් අනු කමිටුව අධ්‍යාපන බලධාරින්ට දැනුම් දී තිබේ.

එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර ‍රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කොට පොදු වැඩපිළිවෙළක් සකස් කිරීම කඩිනම් කරන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *