OIC වෙස් ගත්ත කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට

  • By editor
  • March 7, 2024
  • 0
  • 92 Views

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ තනතුර සදහන් කරමින් නීති විරෝධී අයුරින් ඇළ මාර්ගයක් අසල දැන්වීමක් ප්‍රදර්ශනය කළ කෝටිපති ව්‍යාපාරිකයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ගයක් සම්බන්ධයෙන් පවතින ආරවුලක් සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නොමඟ යැවීම සදහා මෙම දැන්වීම ප්‍රදර්ශනය කර තිබේ.

එම දැන්වීමේ සදහන් කර ඇත්තේ (දැන්වීමයි ඇල රක්ෂිතයේ මාර්ග අයිතිය වෙනුවෙන් නීතිමය කටයුතු කර ඇති බව දන්වමි.
ඕ.අයි.සී.පොලිස් ස්ථානය බොරලැස්ගමුව 278/11 පැමිණිලි අංකය) යනුවෙන් බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *