online ණය දෙන්න ගිය චීන ජාතිකයින් 05ක් අත්අඩංගුවට

  • By editor
  • January 15, 2024
  • 0
  • 148 Views

දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 6 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇත.

අදාළ ආයතනය සතුව තිබූ පරිගණක අටක්, ලැප්ටොප් වර්ගයේ පරිගණක 13ක් සහ ජංගම දුරකථන 49ක් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මාධ්‍ය වෙත නිරාවරණය කළේය.

මෙහිදී මාර්ගගත ක්‍රමයට ණය ලබා දීමේ දී, ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු OPT අංකයක් මඟින් ලබාගෙන සමාජයේ වෙනත් අයට ඇතැම් තොරතුරු පතුරුවන බවට තර්ජනය කරමින් අදාළ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ දර්ශන කොට්ඨාසය මඟින් පවත්වනු ලබන අතර මේ සම්බන්ධව පැමිණිලි තිබේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසයට ලබා දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *