Online හරහා මාළු ගෙදරටම

  • By editor
  • August 24, 2023
  • 0
  • 134 Views

ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සදහන් කළේය

ඒ අනුව ඉදිරියට එම සංස්ථාවේ මාළු UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා ගත හැකිය.

පළමු අදියරේ දී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සැලසෙනු ඇත.

ඉකුත් 23 දා නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 නම් වූ ධීවර සංස්ථා වෙළඳසැල නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *