අගමැති වෙන්නත් කලින් රනිල්ට ජාත්‍යන්තරයෙන් සහාය – රටවල් දහයක් ඉදිරිපත් වේ

0
914

අගමැතිධූරයට යෝජනා වී ඇති රනිල් වික්‍රමසිංහට ආධාර ලබාදීමට සංවර්ධිත රටවල් දහයක් මේ වන විට කැමැත්ත පළ කර ඇත.

ඒ අතර මානුෂීය ආධාර සහ කෙටි කාලීන හා දිගු කාලීන ආධාර ලබාදීමට නියමිත අතර ඒ පිළිබද සාකච්ඡා රනිල් වික්‍රමසිංහ පසුගිය දිනවල තානාපති අංශ සමග පවත්වා තිබේ.

ඒ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසට තානපති නිලධාරීන්, මහ කොමසාරිස්වරුන් සහ තානපති කාර්යාල නිලධාරීන් කැදවමිනි. ඉන්දියාව, ඇමරිකාව, චීනය, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන රටවල් සමග සාකච්ඡා කර ඇමරිකානු ඩොලර් බිලියන පහකට අධික මුදලක් ලබාගැනීමට මේ වන විටත් රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here