ඉතිහාසයේ පළමු වතාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ මනෝවිද්‍යා ඒකකයක් ආරම්භ කර ඇත.
මෙම ඒකකයේ මූලික අරමුණ වී ඇත්තේ පශ්චාත් යුද්ධ සමයක සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණයකදී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ මානසික ගැටලු හා මත්ද්‍රව්‍ය ගැටලු හඳුනා ගැනීම සහ රැකියා පීඩනයන් හඳුනා ගනිමින් එම තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා නිලධාරීන්ගේ මනස සවිමත් කිරීම ය.
උපදේශන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 16 දෙනෙකු ද අලුතින් ඇරඹුණු මනෝවිද්‍යා ඒකකයට මේ වනවිටත් සම්බන්ධ කර ගෙන තිබේ.