මෙරට ඉතිහාසයේ පලමු වරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
1975 වත්කම් බැරකම් පනත ප්‍රකාරව සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව තම වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කල යුතුව ඇතත් මේ වනතෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් තම වත්කම් බැරකම් හෙළි කර නොමැත.
ඒ අනුව මෙම වසරේ සිට අදාල පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර පසුගිය දිනවල අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින්ගෙන් ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.