WTC එකට කුලී ගෙවන රජය

  • By editor
  • June 11, 2023
  • 0
  • 72 Views

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මහල් දහයක් පමණ ආයෝජන මණ්ඩලය විසින් කුලියට ගෙන මාසිකව ලක්ෂ සීයක් ගෙවමින් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කර තිබේ.

මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සියලු රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට සඳහන් කලේය.

රාජ්‍ය ආයතන සුඛෝපභෝගී ගොඩනැගිලිවල අධික කුලියක් ගෙවමින් සිය කාර්යාල පවත්වාගෙන යන බව පෙන්වා දුන් ඔහු, සියලු රාජ්‍ය ආයතන නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදලින් වන බවත් සඳහන් කළේය.

එමෙන්ම ලෝක වෙලද මධ්‍යස්ථානයේ අමාත්‍යාංශ ගණනාවක් ඉහළ කුලී ගෙවමින් පවත්වාගෙන යමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *